ගුරුජය

home04
ezgif-4-5c13297865
home05

ඈත අතීතයේ පෙරදිග දර්ශන සහ සංස්කෘතීන් තුලත්, හින්දු සහ බුදුදහම තුලත් එමෙන්ම චීන ,ඊජිප්තු ආදි ශිෂ්ටාචාරවලත් පසු කාලීන ග්‍රීක ශිෂ්ටාචාරවලත් පුනරුත්පත්තිය, පුද්ගල ඉරණම ආදිය පිලිබදව විශ්වාස පැවතුනි. මේ පැරණි දර්ශන සහ සම්ප්‍රදායන් මගින් ලෝකයේ ඉතා පැරණි විෂයක් වන ජෝතිෂ ශාස්ත්‍රය ඇතුලු එයට අනුබද්ධ විෂය ධාරාවන් වන කේන්ද්‍ර සැදීම්, හස්ත රේඛා,,නාමක්ෂර සහ නාම-ඝන , සංඛ්‍යා විද්‍යාව, වාස්තු සහ පරිසර ය නිවැරදිකිරීම් , පුද්ගල ශරීර නිල බලා රෝග හදුනාගෙන ඒවාට නිල ප්‍රතිකර්ම , පළිඟු සහ මැණික් ප්‍රතිකර්ම ආදී දේ සිදු කිරීම ආදී නොයෙකුත් ක්‍රම ලොවට ඉදිරිපත් කෙරිණි . මේ පැරණි විෂයධාරවන් එදා මහා ශිෂ්ටාචාර සහ අධිරාජ්‍ය බිහිකිරීමට මගපාදන ලදි . එදා පැරණි රජදරුවන්ට, ඔවුන්ගේ ඇමතිවරුන්ට, රාජ්‍යයේ උසස් යැයි සම්මත පවුල් වලට, නිලධාරිවරුන්ට, ආගමික නායක පවුල් වලට ආදි සමාජයේ ඉහල තල වල පිලිගත් පුගලයන්ට මේ ජෝතිෂය සහ අනුබද්ධිත විෂයන් ඒවා පිලිබද මනා හැදැරීමක් කල ගුරුකුල මගින් උගන්වනු ලැබීය. එමගින් විශාල රාජ්‍ය , අධිරාජ්‍ය, මහා අධිරාජ්‍ය පවුල් ගොඩනැගිනි.

සියලු සත්ත්වයන් මෙලොව බිහිවන්නෙත් , බිහිවූ සත්ත්වයා තම ජීවිතය පවත්වාගනු ලබන්නේත් ඒ ඒ අය වර්තමාන භවයන්ගේ සහ පෙර සසරේ අනේක වාරයක් භවයන්ගේ කරන ලද කුසලාකුසල කර්ම මතය.(කර්ම යනු සත්වයන් ඒ ඒ භව වල සිදු කරන ක්‍රියා, මුවින් නිකුත් කරන වචන සහ සිතින් සිතන පතන දේ වෙයි .) ජෝතිෂය ඇතුලු අනෙකුත් එයට අනුබද්ධ ශාඛා විෂයධාරාවන් බිහිවන්නේ මේ පදනම මතය. නිමක් නැති අනේක වාරයක් සත්ත්වයා විසින් ඉහත කී ලෙස , ඒ ඒ භව වල කල, කී සහ සිතූ පැතු දේ , අනුව ,රැස් කල විවිධ කුසලාකුසල කර්ම අනුව තමා විසින් කරගනු ලබන ඒ ඒ කර්මයන්ට අදාල වූ මිනිස්,තිරිසන්, දේව, බ්‍රහ්ම ආදී වූ නොයෙක් තලවල උපත ලැබීම බුදුදහමේ "සංසාරය" ලෙස හදුන්වාදෙනු ලැබේ. අද ප්‍රකට සහ ජනප්‍රිය වී ඇති බටහිර ජෝතිෂයේ එය වඩාත් පැහැදිලි සරල යෙදුමක් වන "උප්පත්ති ලේඛනය" ( "පෙර උප්පත්ති සටහන්") ලෙස බෞතිස්ම කර ඇත.

මා වඩාත් රුචියක් දක්වන්නනේ මෙය, අපේ දයාදය වන අප විසින්ම කල්ප කලාන්තරයක් තිස්සේ කරගෙන ආ, වර්තමාන භවය දක්වා අප රැගෙන එන, පවත්වා ගෙන එන කර්ම සටහන් "සංසාරයේ පියසටහන්" ලෙස හදුන්වා දීමටයි.

මා වෙත එන ඕනෑම පුද්ගලයකු ජෝතිෂයට අනුව හදුනගෙන, එහි ප්‍රධාන කොටස් පහකින් අවතීර්ණ වී ඔහු හෝ ඇයට වැඩිදුර ප්‍රතිකර්ම කරනු ලැබේ.

ජෝතිෂය යනු " ආලෝකයේ විද්‍යාව " ලෙස අර්ථය ඇතිව, ඉන්දියාවේ වෛදික ක්‍රමය තුල සහ ලෝකයේ මහා ශිෂ්ටාචාරවලත් හාවිතා වූ ද, ලෝකයේ ඇතැම් නායකයන් පාලකයන්, උසස් අය, ව්‍යාපාරිකයින් අදටත් භවිතා කරන මහා විෂය ධාරාවකි. ඉතා පුලුල් ක්ෂෙත්‍රයක පැතිර පවත්නා , අනුබද්ධිත ශාඛා විෂයධාරවන්ගෙන් යුක්ත මහා සම්ප්‍රදායික එමෙන්ම දිනෙන් දින නිම්වළලු පුලුල් කරගත් තවදුරටත් දියුණු වන, දියුණු කලහැකි සංකීර්ණ විෂය ක්ෂෙත්‍රයකි.

එය ඈත අතීතයේ විවිධ ග්‍රහ තරකා සංකේත ලෙස යොදා ගෙන, ගණිත ක්‍රම අනුව මූලික ලෙස අතීත ශිෂ්ටාචාරවල කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ වර්ෂාව ලෙබෙන කාල, නියං කාල , ජල ගැලීම් සිදුවන කාල නිර්ණයටත් ( ස්වභාවික ජල චක්‍රය තේරුම් ගැනීමට ) , කෘෂිකර්මයේ දී ජල පාලනයට , ඒවාට අදාල ඇළ , වේලි, වැවු ඉදිකිරීම් සදහාත් , පැල සිටුවීම, නිසි පලදාව ලබගැනීමට, කෘමි උවදුරු ඇතුලු පලිබෝධ පාලනයට යොදා ගැනිණි .තවද, පිරමීඩ, දාගැබ් ස්තූප ආදී ආගමික ගොඩනැගිලි ආදිය ඉදිකිරීම් සදහාත් අතීතයේ ජෝතිෂය යොදාගෙන ඇත. පසුව මෙම වැදගත් විෂය පුද්ගල ඉරණම කියවා ගැනීමට හැඩගස්වා ගන්නා ලදි.

ඒ හරහා පැරණි රාජධානි තුල හමුදාවන්ට, රජයට පක්ෂපාති අය හදුනා ගෙන සේවයේ යොදවා ගැනීමට, යුද්ධ සදහා, යුධ ජයග්‍රහණ වලට, රාජ්‍ය පුලුල් කරගැනීමට, පුද්ගල දියුණුවට, සෞහාග්‍ය  සමෘද්ධිමත් රාජ්‍ය ගොඩනැගීමට, යොද ගත්හ. පසුකාලීනව , එය උසස් යැයි සම්මත පවුල් අතර ඔවුන්ගේ පුද්ගල සහ පවුලක දියුණුව සෞභාග්‍ය ඇති කරගැනීමට මහා ව්‍යාපාර ගොඩනැගීමට ලොව පුරා අදටත් යොදා ගනු දක්නට ලැබේ. මෙහි බොහෝ කොටස් විවිධ රටවල්වලට ආවේණික ක්‍රම ලෙස,  සමෘද්ධි ඇතිකරන ගුප්ත රහස් ක්‍රම ලෙසත් යොදා ගන්නා අයුරු දක්නට ලැබේ.

ඉතා පැහැදිලි ලෙස මේ ආලෝකයේ විද්‍යාව පුද්ගල ජීවිතයේ ඇතම් අකුසල කර්ම, බාධා ආදිය ජය ගැනීමට , දුර්වල කුසල් දියුණු කරගෙන, දුර්වල අකුසල් අහෝසි කරගැනීමට, බාධා, විපත් අවම කර ගෙන , නැතහොත් මගහැරීමට යොදා ගත හැකිය. මා සමග එක්වන ඔබට මෙලොව ජීවිතය ජය ගෙන, ඒ හරහා සසර නිම කරගන්නට, සංසාර මන්දිර ගලවා දමා, අලෝකය දකින්නට මග පෙන්වමි. )

හස්තරේඛා කියැවීම්

හස්තරේඛා කියැවීම් යනු,
පුද්ගලයකුගේ හස්තය පරීක්ෂා කර බලා එහි ස්වහාවය, හැඩය, රේඛා , ආදිය සලකාබලා ඔහුගේ හෝ ඇයගේ අනාගතය, සහ වෙනත් උසස් මානසික තලයක ට ගොස් පියවි ඇසට නොපෙනෙන ඔහුගේ හෝ ඇයගේ භවය සම්බන්ද තවත් බොහෝ කීයැවිම් ලබාදීම යි.

හඳහන කියැවීම්

හදහන කියැවීම් යනු,
පුද්ගලයකු ගේ උපන් වේලාව, උපන් ස්ථානය , ආදිය අනූව ඒ ඒ අවස්ථාවල අහසේ යෙදුන ග්‍රහ සිත්තම අනුව ග්‍රහ සංකේත සහ ගණිත ක්‍රම ඇසුරෙන් ඔහු හෝ ඇය පිලිබද අතීත, වත්මන් සහ අනාගත තොරතුරු කියැවීම් ය.

නාමක්ෂර, නාම ඝණ සහ අංක විද්‍යාව

නාමක්ෂර යනු යමකු ගේ උපන් වේලාව නැකැත් ආදිය අනුව යමෙකු ගේ නමට පටන් ගැනීමට යෙදෙන සුභ අක්ෂරයයි ; ඊට අනුරූපව යෙදෙන නාම ඝණ යනු නමට ගැලපෙන ශුභ ස්වර , ස්වර රටා ,කම්පන සංඛ්‍යාත සහිත එම පුද්ගලයාට අනාගතය ජයගැනිමට ප්‍රයෝජනවත් අරුත්බර නමක් යෙදිම ය; ,සහ අංක විද්‍යාව යනු උපන්දිනය ආදිය ගණනය කිරීම් හරහා කෙනෙකුට ගැලපෙන විශ්වය හා සැසැදෙන අංක ඇති නමක් තෝරා ගැනීම් ආදිය වේ.

වාස්තු

වාස්තු යනු කෙනෙකු ගේ උපන්වෙලාව නැකැත් මත පදනම් ව හෞතික සහ අධ්‍යත්මික ජීවිතයේ සෞහාග්‍ය ඇතිකිරීම සදහා ඔහුගේ හෝ ඇයගේ නේවාසික, ව්‍යාපාරික ස්ථානයේ අහ්‍යන්තර සහ බාහිර පරිසරය සකසා ගැනීමයි.

ක්වොන්ටම් ප්‍රතිකාර

ක්වොන්ටම් ප්‍රතිකාර යනු හෞතික හෝ අධ්‍යාත්මික සුවපත් කිරීම් සදහා ක්වොන්ටම් විද්‍යා යාන්ත්‍රික මූලධර්ම මත පදනම් ව, ශරිරයේ හෞතික සහ අධ්‍යාත්මික ශක්තිය, විශ්ව ශක්තිය හා ගැලපෙන ලෙස සමබර කොට, සුවපත් කිරීමයි.

Mauris blandit aliquet

Featured Releases

There are many variations of passages of lorem ipsum available.
wood-portfolio-placeholder
World bestsellers

Below Zero
Napier Salvador

There are many variations of passages of lorem ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don’t look even slightly believable.

World bestsellers

Roel Clemens
Brazil Architecture

There are many variations of passages of lorem ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don’t look even slightly believable.

wood-portfolio-placeholder
BECOME OUR PARTNER

Self-Publishing And Book Printing

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don’t look even.

Commodo integer

Latest Articles

There are many variations of passages of lorem ipsum available.