හස්තරේඛා කියැවීම්

හස්තරේඛා කියැවීම්

Palm reading
download
palm

මාගේ හස්ත රේඛා ශාස්ත්‍රයේ කියැවීම් අනුව සිදු කල පරීක්ෂණ නිරීක්ෂණ සහ ඒ ඔස්සේ ෆ් පැමිණි නිගමනයන්ට අනුව එය ඉතාමත් ආකර්ෂණීය විෂය ක්ෂෙත්‍රයකි .මක්නිසාද යත් එතුළ, පුද්ගලයකු ගේ විවිධ භවයන් හරහා ගෙනෙන විඤ්ඤාණය පරිණාමය , එනම් අනේක ජාති සංසාරවල විව්ධ මනුෂ්‍ය, අමනුෂ්‍ය තලවල උපත ලබමින් ගෙන ආ මානසික අධ්‍යාත්මික සංවර්ධනය සහ පෙර භවයන්ගේ කර්ම තොරතුරු සටහන් සහිත වීමය. සත්‍ය වශයෙන්ම එය සංසාර දත්ත ගබඩාවකි. එම තොරතුරු නිවැරැදිව විශ්ලේෂණය කිරීමට මනා පුහුණුවක් සහ පරිචයක්, අවශ්‍ය වේ.

මෙයට දිය හැකි හොදම උදාහරණය වන්නේ, අප මහා බෝසතාණන්වහන්සේ සසරේ අවසාන මනුෂ්‍ය භවයේ අතීත භාරතයේ, ලුම්බිණි මහ සල් උයනේ දි සුදොවුන් රජුගෙ පුත් කුමරුන් වී, එනම් සිදුහත් කුමරු ලෙස උපන්කල, කුමරු දැකීමට පැමිණි රජුගේ ගුරුවරයා වූ "අසිත කාලදේවල" තාපස තුමා කුමරුන්ගේ පාද සහ දේහ ලක්ෂණ දෙස බලා කුමරුන් ඒකාන්ත ලෙසම බුදු වන බව දැක, කුමරුන්ට දොහොත්මුදුන් දී වන්දනා කලහ .එමෙන්ම කුමරුන් ගේ නම් තැබීමේ උත්සවයේදි, එහි පැමිණි බමුණන් 108 ගෙන් ඒ අතර සිටි ලා බාලම "අඥ්ඥා කොන්ඩඥ්ඥ" බමුණා ඔහු තුල තිබු හසළ ජෝතිෂය දැනුම සහිත ඒකාබද්ධ පුලුල් විෂය දැනුම මත පදනම්ව,කුමරුන්ගේ දේහ ලක්ෂණ , පාද වල සලකුණු සහ හස්ත රේඛා බලා කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බව පැහැදිලි කළේය . එම බමුණන්ගෙන් හත්දෙනෙකුම, සිය ජෝතිෂය දැනුමින් ප්‍රකාශකළේ කුමරු ගිහිගෙයි රැදුනොත් සක්විති රජු වන බවත්, ගිහිගෙයින් නික්මුණොත් අනිවාර්‍යෙන් බුද්ධත්වයට පත්වන බවය. බහුතරයක් වු ඉතිරි 100ක් බමුණන් ප්‍රකාශ කළේ කුමරුන් මහා පිනැති ලොවට අර්ථයක් පිණිස පැමිණි ලොව වෙනස් කරන ශ්‍රේෂ්ඨයකු වන බවයි. එකල දඹදිව සිටි නම්දරපු බමුණන් තාපසවරුන්ය .ජෝතිෂය විෂය පුලුල් ලෙස අධ්‍යයනය කල, භවනා කල උසස් මානසික තලවල වු අයයි. ඔවුන් අද විද්වතුන් සහ විදුදරයන් හා සමාන මට්ටමේ විය. එදා ඔවුන්, ඔවුන් තුල වු ඒ ගැඹුරු ජෝතිෂය සහ අනුබද්ධිත විෂයන් වු හස්ත රේඛා , දේහලක්ෂණ විද්‍යාව , හදහන කියැවීම් ආදි දැනුම් සහ පරිචය හරහා ඉතා නිවැරැදි අනවැකි ප්‍රකශ කළහ.

මේ අනුව අපට වටහාගතහැකි වන්නේ අපගේ සංසාර පියසටහන් වල සටහන් වූ පුද්ගල කර්මයන් ඔස්සේ මනුෂ්‍යය සත්ත්වයා ට ලැබුන දේහ ලක්ෂණ , පාද වල සලකුනණු ,හස්ත රේඛා ආදී සියල්ල කෙතරම් බලගතු ද යන්නයි.

මේ අනුව පාර භෞතික විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව ,පාර මනෝවිද්‍යව අදි විෂයන් අනුවත් අද,වන විට පිලිගන්වා ඇත්තේ පුද්ගලයකු ගේ සංසාරයේ විවිධ භවයන් හරහා ඔහු හෝ ඇය ගේ ජීව භෞතික පරිණාමයන් සහ කර්ම පරිණාමයන් හරහා ඔහු හෝ ඇය ගෙනෙන ඇතම් අහිතකර ඍණාත්මක කර්ම සහ කර්ම රටාවන් හස්ත රේඛා කියැවීම් හරහා තේරුම්ගෙන, ඒවා අදාල ප්‍රතිකර්ම මගින් වෙනස්කල හැකි බවයි. ඕනැම අයකුගේ අත්ලේ උපතේ සිට තම ජීවිත කාලය තුල ඇන්දෙන හස්ත රේඛා සහ හස්ත රේඛා රටාවන් ඒ ඒ පුද්ගලයාටම අවේණික වේ. තවද, මේ හස්ත රේඛා සටහන්,අත්ලේ ඇතිවන සලකුණු සහ රටා ජීවිත කාලය තුල ඔහු හෝ ඇයගේ සිත ක්‍රියාත්මක වන ආකාරය සිතන පතන දේ කරන ක්‍රියාවන් ජීව ,භෞතික, කායික, මනසික සහ තාර්කික පිරිහීම හෝ සංවර්ධනය මත අලුතින් ඇතිවීම, නැතිවීම , වෙනස්වී යාම සිදුවිය හැක.

එමනිසා, හස්තරේඛා ශාස්ත්‍රය සහ කියැවීම් පිලිබදව මනා පුහුණුවකින් එය ප්‍රගුණ කල විශේෂඥයෙකුට කෙනෙකුගේ අත්ලේ ගැබ් වී ඇති පුද්ගල හා කර්ම තොරතුරු කියවා, එහි ඇති පුද්ගලයාගේ ඇතම් තදබල ඍණාත්මක අකුසලකර්ම ශක්තිය වටහා දෙමින් , ඒවාට අදාලව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරිමට පුද්ගලයාව යොමුකර හැක; තවද එමගින් , ඕනෑම කෙනෙකුට තම අහිතකර ක්‍රියවලියන්, ජීවන රටාවන් වෙනස්කරමින්, ධර්මානුකුල සක සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් හුරුකරගෙන තම ඍණාත්මක අකුසලකර්ම ශක්තිය වෙනස් කරගැනිමට හැකියාව ඇත.

මගේ අත්දැකීම් අනුව ඕනෑම පුද්ගලයකුට තම මෙවැනි කියවීම් හරහා හෙලිවන තම අහිතකර බලවත් අකුසලයන් පවා ලබාදෙන උපදෙස්, ප්‍රතිකර්ම පිලිපැද ඇතම් විට සම්පුර්ණ වශයෙන්ම ඉවත්කරගත හැක. නැතහොත් ඒ වායේ බල, දුබල කලහැක. එතුලින් වියහැකි විපත් අවම කරගත හැක. හස්ත රේඛා කියැවීම්වල අර්ථවත් හාවය ඔබට මෙමගින් වැටහෙනු ඇත. එමගින් පුද්ගලයකුගේ පැරණි කර්ම ව්‍යුහය මත ගොඩනැගුන , වර්තමාන "ශක්ති සිරුර" (energy body) වෙනස් කල හැකිබව පැහැදිලි වනු ඇත. මෙයින් ඔබට පෙන්වදෙනුලබන්නේ හස්ත රේඛා කියවීම් අපේ ජීවිතය සාර්ථක කරගැනීමට පහසුවෙන්ම යොදාවාගෙන යහපත් ප්‍රතිඵල අත්කරගත හැකිබවත්, එය ජීවිතයේ ලෞකික මෙන්ම අධ්‍යාත්මික දියුණුව සදහා යොදාගත හැකිබවත් ය.

ඇගිලි සලකුණු කියැවීම්

ඇගිලි සලකුණු කියැවීම් යනු හස්තරේඛා ශාස්ත්‍රය තුල ඇති විශේෂ කොටසකි. නමුත් එය කලයුත්තේ වෙනම ය. විශේෂයෙන්ම හේතුව වන්නේ ඒ සදහා ඉතා විශාල කාලය ක් කැප කලයුතුවීමයි. එමනිසා එය හස්තරේඛා කියැවීම් වලට වඩා විශාල මුදලක් වැයකලයුතු, තරමක් දුෂ්කර වුද, කාලයත් ශ්‍රමයත් කැපවියයුතු කාර්යකි. බොහෝ දෙනෙක් දන්නා "නාඩි වාක්‍යය" ලෙස හදුන්වන්නේ ද මෙයයි. මා විසින් ඇගිලි සලකුණු කියැවීම ප්‍රගුණ කර ඇතත් ම'විසින් එය සිදුකරනු ලබන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර, ඒ අතිවිශේෂ ඉල්ලීක් හෝ අතිවිශේෂ අවස්ථාවල පමණි. ඒ ඊට වැයවන කාලය සහ ශ්‍රමය ගැටලුවක් වන නිසයි .අධික මුදලක් ඒ සදහා වැයවන්නේ එනිසාය. මෙමගින් කෙනෙකුගේ පෙර භවයන් ප්‍රකාශ කලහැකිය. එය යොදා ගන්නේ පෙරභවයන් හරහා ගෙන එන කර්මයන් නිසා ඇතිවන ඉතා අහිතකර ලෙඩ රෝග, බලවත් විපත් වලින් මුදවා සුවපත් කිරීම් සදහාය.(past life regression therapy) අතැම් අය තම පෙර භවයන් දැනගැනීමේ කුතුහලයෙන් මෙය කියවා දැනගැනීමේ ආසාවක් ඇත. එවැනි විශේෂ ඉල්ලීම් ද, සලකබලා මා හට කියැවීම් ලබාදිය හැකිය.

7904cfe9-3488-4a5f-8023-13d17dc8785f
ac9310c2-58a7-41c5-af3d-7eeb3706133d
palm63
si_LKSinhala