හඳහන කියැවීම්

හඳහන කියැවීම්

hor1
hor2
hor3

ලෝකයේ විවිධ ආගම්, දර්ශන , සහ විද්‍යාව තුල විවිධ පැහැදිලි කිරීම් තුල පොළව මත ජීවය ඇතිවීම ගැන නොයෙකුත් මත,නියම විශ්වාස දක්නට ලැබේ. මේ මහ පොළොව මත බිහිවන ඕනෑම ජීවියකු මෙන්ම මනුෂ්‍ය ප්‍රාණියාද සුර්‍යා මෙන්ම, එම පොළව වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයා ද , සුර්‍යා වටා භ්‍රමණය වන අනිකුත් ග්‍රහහයන් වන බුධ, සිකුරු අගහරු (කුජ) , ගුරු (බ්‍රහස්පති), සෙනසුරු (ශනි), යුරේනස් නෙප්චංචූන්, ප්ලුටෝ, මෙන්ම චන්ද්‍ර ගමන නිසා ඇතිවන සෙවනැලි හේතුවෙන් ජෝතිෂය අර්ථ දක්වන චායා ග්‍රහයන් වන රාහු සහ කේතු ගේ ඇසුර ලබයි. මේ හේතුවෙන් සුර්‍යග්‍රහමණ්ඩලය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශක්ති පද්ධතියේ ක්‍රියකරිත්වය මේ මිහිමත වෙසෙන මිනිසා ඇතුලු ජීවින් මත බලපායි. අතීතයේ හාරත යේ මෙන්ම පැරණි ලංකාවේත් ජෝතිෂ්‍ය ක්‍රම තුල භවිතා වන්නේ රවි, චන්ද්‍ර, සහ බුධ, සිකුරු කුජ, ගුරු සහ ශනි යන ග්‍රහයන් 5 දෙනාත් , චන්ද්‍රයා ගේ සෙවනැලි වලින් ඇතිවේ යැයි කියන චායා ග්‍රහයන් වන රාහු සහ කේතු පමණි. එහෙත් ග්‍රීක සහ ඊජිප්තු සම්ප්‍රදායන් අනුගමනය කරන නූතන බටහිර ක්‍රමවේද තුල ඊට අමතරව මහපොළොවට ඉතා දුරින් පිහිටි යුරේනස් , නෙප්චුන් සහ ප්ලූටෝ යොදාගනු ලැබේ.
මේවා සලකා බැලූ කල මේ සියල්ල මනුෂ්‍යා මත බලපාන විවිධ ශක්තින් වේ; තවද මනුෂ්‍ය ප්‍රාණියා මත ඔහු හෝ ඇය තම සංසාර පියසටහන් ඔස්සේ රැගෙන ආ කුසලාකුසල කර්ම ශක්තින්ද ( හොද සහ නරක එනම් ධන සහ ඍණ ශක්තීන් ) බලපානු ලැබේ. මේ සියලු ශක්තීන් එකිනෙකාගේ සංසාරය සහ වර්තමාන ජීවිතයේ ඉරණම තීන්දු කිරීම සදහා දායක වන අයුරු වඩාත් හොදින් බුදුදහම සහ හින්දු ආදී ආගම් තුල ක්වොන්ටම් භෞතික විද්‍යාව තුලත් පාර මනෝවිද්‍යාව ආදි ව්ෂයන් තුලත් පැහැදිලි කරදෙනු ලැබේ.

මාගේ ජෝතිෂය අධ්‍යයන ,නිරීක්ෂණයන් සහ පර්‍යේෂණයන්ට අනුව මෙම ගැඹුරු විෂය ක්ෂෙත්‍රයේ හදහන්, හස්තරේඛා ,නාම ඝණ අංක ව්ද්‍යාව, ක්වොන්ටම් ප්‍රතිකර්ම ආදීයේ දි, මා හැමවිටම වටහාගත්තේ එවා අතර තිබෙන ශක්ති සම්බන්ධතාවන්ය; බාහිර ග්‍රහ සහ සුර්‍ය ශක්ති පද්ධති, මෙන්ම මානව ශක්ති සිරුර ( energy body නැතොහොත් විඤ්ඤාණ කය) ශක්තින් වශයෙන් එකිනෙක හා සම්බන්ධතාවක් ඇති බවත් , ඒවා අතර සිදුවන විවිධ ශක්ති ප්‍රතික්‍රියා අනුව වර්තමාන ජීවිත තත්ත්වයන් වල වෙනස්කම්, කර්ම පල දීම් සිදුවන බවත් , වර්තමාන ජිවිතයේ තවදුරටත් නැවත නැවත පංචෙන්ද්‍රියන් හරහා රැස් කරගන්නා කර්ම අනුව සංසාර යේ ඉදිරි හවයන් සදහා අවශ්‍ය ඉන්ධන ලබදී නොනිමි ඉදිරි සංසාර පථය සකස්වෙන බවත්ය. මනුෂ්‍යයකුගේ කර්ම සටහන් නැතහොත් හදහන සාදනු ලබන්නේ මෙලොව උපන් පුද්ගලයා ගේ උපන් වෙලාව, උපන් ස්ථානය අදිය යොදාගනිමින් එම අවස්ථාවේ අදාල ස්ථානයේ පිහිටියාවූ ග්‍රහ සිත්තම අනුව අදාල ග්‍රහ සංකේතයන් යොදාගෙනය. තවද එම ග්‍රහ සංකේත මගින් පෙන්වන්නේ සත්ත්වයා ගේ ජීවිතයට බලපාන සිරුර , ශක්ති සිරුරේ සහ අවට ආපෝ, තේජෝ, වායෝ පඨ්වි, ආකාශ යන ධාතු සහ ඒවායෙන් සත්ත්වයා ගේ පැවැත්මට වන බලපැම් , ප්‍රතික්‍රියා ආදිය වේ. මේ හරහා පොළොව මත ඇති ජීව, අජීව සියලු වස්තු ගහකොළ, මිනිසුන්, සත්ත්වයන් තුල ඇතිවන ස්වඹ්හාවික චක්‍ර හසුරුවනු ලබන ආකාර පවා පැහැදිලි කල හැක

ඕනෑම සත්ත්වකුගේ මෙන්ම මනුෂ්‍යයා ගේ කර්ම සටහන් එවායේ රටාවන් විශේෂයෙන් මනුෂ්‍ය සිරුරේ ඇතුළත් ය: ජීව දත්ත සටහන් යනුවෙන් හදුන්වන එම සටහන් , අත්ල හස්තරේඛා , අක්ෂි වල පවා ඒවා සටහන් වේ. අපේ උපත තීරණය කරන්නේත් , මව් පිය පැවැත්ම මෙන්ම රූප ය පවා අපිට ලැබෙන්නේ, අප විසින් උත්පාදනය කරගත් පෙර භවයන් ගේ කර්ම මගිනි. එවා මගින් අපේ ජීව සිරුරේ ඩි.එන්.ඒ ( ජාන සැකැස්මට අදාළ කේත) වලට බලපෑම් කරනු ලබයි. ග්‍රහ ශක්ති ( විශ්ව ශක්තීන්) තුල ගැබ් වී ඇති දත්ත සටහන් අපේ ශක්ති සිරුරේ දත්ත සටහන් හා එකිනෙක ප්‍රතික්‍රියා කරමින් වර්තමාන හිත, කය, වචන ක්‍රියාත්මක වීම් අනුව එවයේ වෙනස්කම්ද සිදු වීම නිසා අපේ කර්ම රටාවන් ඇති වෙමින්, වෙනස්වෙමින්, මැකෙමින් අප ගේ ජීවිතය ස්වභාවික සහ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විශ්වීය ක්‍රියාවලියක් හරහා පවත්වගෙන යනු ලබයි.

මනුෂ්‍ය ජීවියා තුල වන මේ කර්ම උත්පාද සහ භව උත්පාද ක්‍රියවලිය ඉහත කී දේහ ලක්ෂණ , හස්තරේඛා කියැවීම් මගින් මෙන්ම ඉපදෙන වේලාව ,ස්ථානය ආදී දත්ත වලින් සාදන හදහනකින් පවා විමර්ශනය කර කියැවීම් ලබාගත හැකිය. මේවාට අදාළ නියමයන්, සිද්ධාන්ත අතිතයේ ඉන්දියානු වෛදික සමජයේත්, එමෙන්ම ඊජිප්තු , චීන, ග්‍රීක ශිෂ්ටාචාරවලත් නුතන බටහිර ශිෂ්ටාචාරවලත් ජීවත්වු ඒ ගැන ගැඹුරු හැදෑරීම් කල ඍෂිවරුන්, දාර්ශනියන් , ආදීන් විසින් ලියා ඇත.

මා ගේ අධ්‍යයනයන්ට අනුව මනුෂ්‍ය යා ගේ කර්ම ශක්තිය සහ ග්‍රහ ශක්තීන් නැතහොත් විශ්ව ශක්තිය අතර මහ බලවත් සම්බන්ධතාවන් පවතියි. එනිසාම අපි අපේ බලවත් අකුසල කර්ම ශක්තීන් අනාගත විපත් ආදිය මේ හදහන කියැවීම් ආදියෙන් වටහා ගෙන ඒවා ඉවත්කිරීමට ග්‍රහ ශක්තින් නැතහොත් විශ්ව ශක්ති ය අවශ්‍ය ලෙස සිහියෙන් තේරුම්ගෙන, යොදාගෙන ජීවිතයේ සෞහාග්‍ය, සාර්ථකත්වය ගොඩනගා ගත හැකිය. අදාල ක්වොන්ටම් ප්‍රතිකර්ම හදහනෙන් පෙන්නුම් කරන දුර්වල ග්‍රහ ශක්තීන් නිවැරදි කිරීමට යොදා ගැනීම් මගින් කෙනෙකුට වැළන්දෙන කර්මජ රෝග, ඇතම් විපත් වළකාලීමට හැකියාව ඇත.

si_LKSinhala