මා පිළිබඳ

මා පිළිබඳ - අජිත් ජයසිංහ

bfb0c0f2-2c5f-47ff-b1f9-d98410446267

ගුරුජය.කොම් (www.gurujaya.com) යනු අජිත් ජයසිංහ ගේ හස්ත රේඛා සහ වස්තු කියැවීම සම්බන්ධයෙන් ස්ථාපිත කරන ලද පුද්ගලික වෙබ් ගිණුම යි. අජිත් ජයසිංහ, යනු කුලියාපිටියේ හැදී වැඩී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා, පසුව කැළණි විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් හිමිකරගත් පුද්ගලයෙකි. තවදුරටත් උසස් අධ්‍යාපනය සදහා ඔහු ජපන් ශිෂ්‍යත්වයක් ලබා මානව සම්පත් ස‍ංවර්ධනය සහ කළමනාකරණය පිලිබඳ සහතික පත්‍රයක් ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් හිමිකරගෙන ඇත

ඔහුගේ කැළණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිලිබඳ සාමන්‍යවේදී උපාධිය කරන අවධියේ සිටම බාහිර ක්‍රියාකාරකම් සහ පීඨයේ අදාළ බාහිර අධ්‍යාපන ක්‍රියාකරම් වල ක්‍රියාකාරී පුද්ගලයෙකු විය. ඔහු පර්‍යේෂණ සදහා වන තරුණ ශිෂ්‍යත්වලාභීන්ගේ සංගමය (YOSCAR) පිහිටවූ මූලාරම්භ සාමාජිකයෙකු වූ අතරම සහ 1994, 95, 96 වසර වල එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. තව ද, ඔහු අන්තර් පීඨ පර්‍යේෂණ සංගමය පිහිටවූ මූලාරම්භකයා ද විය. ඉහත සදහන් යාබද වසර වලම ඔහු එහි සභාපති පදවියද දැරීය.

තවද, ඔහු Collage Association for Research and Principles (CARP) ලෙස හදුන්වන පර්‍යේෂණ සහ අදාළ මූලධර්ම වෙනුවෙන් පිහිටුවන ලද සංගමයේ ද සාමාජිකයෙකු විය. මෙම සංගමය පිහිටුවනු ලබන්නේ පීඨයේ අධ්‍යයන විෂයන් වන,

(අ) විශ්වීය ආගම් එකමුතුවට අදාළ වන විශ්වීය මූල්ධර්ම
(ආ) සමකාලීන ආගම් සහ සංස්කෘතීන්
නියෝජනය කිරීම වෙනුවෙනි.

මෙම සංගමය එවකට දකුණු කොරියාවේ විශ්වීය ආගම් එකමුතුවට අනුබද්ධ කර තිබුණි .1995 වසරේදී අපගේ කතානායකයා වන අජිත් ජයසිංහ එහි සභාපති ලෙස එම විශ්වවිද්‍යාලයීය සංගමයේ කටයුතු වල නියැලුන අතර, කැළණි විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එම සංගමයේ කටයුතු වෙනුවෙන් 1995 දකුණු කොරියාව ට ගියේය. එහිදී ඔහුට කොරියාවේ අසාන් නගරයේ පිහිටුවා ඇති සන්-මූන් විශ්වවිද්‍යාලයේ මානව අධ්‍යයනය විෂය පිලිබඳ විශේෂ සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබුවේය.

මෙම අවධියේ දී ඔහුට දකුණු කොරියාවේදී හදුන්වාදෙනු ලැබූ ටොයෝටා නැමති යෙහෙළියක් මගින් ජෝතිෂය සහ ක්වොන්ටම් ප්‍රතිකාර පිලිබඳව අසන්නට ලැබේ.ඔහු එම විෂයට ඇදී යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය අනිත් කාර්‍යන්ට සමගාමීව හදාරනු ලබයි.

මේ අතරතුරම විශ්ව විද්‍යාලයීය කටයුතු සමග සමබර කරගනිමින් ඉඩක් ලැබුන පරිදි ,ඔහු අමතරව ජපානයෙන් ජෝතිෂය ට අදාළ භෞතිකවිද්‍යාව සහ හස්ත රේඛා කියැවීම ද, පසුව නැවත දකුණු කොරියාවෙන් නිලවෙදකම සහ කටුචිකිත්සාව අධ්‍යයනය කරනු ලැබුවේය.

ඔහුගේ කැළණි විශ්වවිද්‍යාලයීය උපාධිය ලබා අනිකුත් විදේශීය අධ්‍යාපනය නිමා කොට , ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රය ට ප්‍රවිශ්ඨ විය . කොළඹ , වෙළෙඳ මධ්‍යස්ථානයේ ඔහුගේ කාර්යාලය පිහිටුවා, එහි කටයුතු වල කාලයක් නිරතවිය. මේ අතර ඔහුට ගුවන් නියමුවකු වීමේ අශාව නිසාම, ව්‍යාපාර අතරතුර යළිත් ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය 2007 දී සමත්ව, රත්මලාන ස්කයි ලයින් පියාසර පාසැලෙන් ගුවන් පියාසර කිරීම හදාරා , ඔහු විසින් එයට අදාල පියාසර කිරීමේ බලපත්‍රය (PPL) 2009 ලබාගන්නා ලදී.

පසුව ඔහු ඉතාලියට සංක්‍රමණය කළ පසු මුල් කාලයේ දී ඔහුගේ රැකියාව වුයේ ද, ප්‍රන්ශ කෘෂිකාර්මික සමාගමක, කෘෂිකාර්මික ඉඩම් ගුවනින් කල මිණුම් කටයුතු වෙනුවෙන් ගුවන් නියමුවකු ලෙස කටයුතු කිරීමයි .

මේ අතර පසු කාලීනව, ඔහුට ඊජිප්තුවේ කයිරෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත "ඊජිප්තු ශිෂ්ඨාචාරයට පිටසක්වල ජීවින්ගේ බලපෑම් සහ ආක්‍රමණයන්" ගැන සොයා බලන පර්‍යේෂණ කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවිය. ඔහුට මේ අවස්ථාව උදාවන්නේ ඔහු එවකට ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ජාතික සහ කැපෝඩිස්ට්‍රියන් විශ්වවිද්‍යාලයේ, විශ්වයේ අප ඉන්න ගැලැක්සිය තුළ වූ විවිධ ග්‍රහ තාරකා වල ඇති ඒක රේඛීය භාවයන් පිලිබඳව (Gallactic alignments ) අධ්‍යයන පාඨමාලාවක් හදාරමින් සිටියදීය. තවදුරටත්, වසර 10 ක් පමණ කාලයක් ඔහු මෙසේ බහුජාතික සමාගමක් වන HPL ආයතනයේ සැලසුම් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ උපදෙස් දෙන නිලධරියකු ලෙස වරින් වර ඉතාලිය සහ ජර්මනියේ සේවය කරන අතරම , ඔහුගේ විශ්වය ජෝතිෂය සහ මනුෂ්‍ය ජීවිතය පිලිබඳ දැනුම් පිපාසය සංසිදුවා ගැනීමට , ඒ පිලිබඳව වූ එම රටවල විවිධ පාඨමාලා වලට සම්බන්ද වෙමින් ඔහුගේ දැනුම පුලුල් කරගැනීමට යෙදුණි. මේ දැනුමින් පරිණත ව, නැවත ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2018 වසරේදී ය. ඒ ඔහු ලබාගත් විශ්වය ජෝතිෂය සහ මනුෂ්‍ය ආධ්‍යාත්මයට අදාළ දැනුමින් ඔහුගේ පර්‍යේෂණාත්මක වැඩකටයුතු හස්ත රේඛා කියැවීම , හදහන් බැලීම, වාස්තු ගණනය කිරීම , අංක විද්‍යාව, නාම අක්ෂර සහ නාම ඝණ බැලීම , ක්වොන්ටම් ප්‍රතිකාර ඔස්සේ දියත්කොට, ලංකාවේ විවිධ පළාත් වල, විවිධ ප්‍රජාවන් සමග අතහදා බැලීමට යි. ආරම්භයේදී ඔහු නුවර, පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් පසුව බස්නාහිර පළාතේත්, මේ වැඩකටයුතු කලේය. මේ වැඩකටයුතු වෙනුවෙන් ඔහු කලක් තිස්සේ පුහුණුවකින් පසු ඔහු අවධිකරගත් ESP (Extra Sensory Perceptions abilities ) ලෙස හදුන්වාදෙනු ලබන අතීංද්‍රීය ඥානය ද, ඔහුගේ පර්‍යේෂණාත්මක දැනුම සහ ඔහු මේ පිලිබඳව විවිධ රටවල විවිධ පාඨමාලාවන් හදාරා ලබාගත් ජෝතිෂය සහ ඒ ආශ්‍රිත වූ විවිධ විෂය දැනුම ද භවිතා කරනු ලබයි. මේ හරහා ඔහුට, ඔහු ගේ සේවා එනම් , හස්ත රේඛා කියැවීම , හදහන් බැලීම, වාස්තු ගණනය කිරීම , අංක විද්‍යාව, නාම අක්ෂර සහ නාම ඝණ බැලීම , ක්වොන්ටම් ප්‍රතිකාර සේවා ලබගෙන ඔහු ගේ උපදෙස් පිළිපදිමින් මේ ජීවිතයේ සමෘද්ධිය සහ මේ ජීවිතයෙන් පසු භවයන් සාර්ථක කරගනිමින් යන අධ්‍යාත්මික ප්‍රජාවක් සෑදීමට හැකිවී ඇත.

කොවිඩ් වසංගත කලයේ දී ඔහු, ඔහුගේ රැකියාව දුරස්ථ ව මෙහි සිට කරගෙන යන අතරතුර , ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් ඔහුගේ පර්‍යේෂණාත්මක ජෝතිෂය වැඩකටයුතු වල ද , නියැලී සිටියේය. ඔහු 2022 වසරේදී රටවල් යළිත් විවෘත වූ පසු, වසර 5න් පමණ පසු නැවත ඉතාලියට පැමිණියේය.

මේ දක්වා, වසර 5ක් පමණ වූ කාලයක් ඔහු ලබා ගත් ඉහත කී, ජෝතිෂය සහ අදාළ අවශේෂ ක්ෂේත්‍රය න් තුල දැනුම, මගින් කිසිම සමාජ මාධ්‍යක් භවිතා නොකරමින් ඔහුගේ සේවාවන් ප්‍රජාව අතරට ගෙන ගියේ ඒ හරහා ප්‍රජාවන් තුල ඇතිකර ගත් සාර්ථක භාවය සහ විශ්වාසය තුලිනි.

මේ වන විට ඔහුගේ දැනුම් පද්ධතිය සහ ජෝතිෂය ට අදාළ සේවා සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව යොදා ගෙන, ඒ හරහා ගොඩනැංවූ භෞතික සාර්ථකත්වය ලබා අධ්‍යාත්මික ජීවිතයට නැඹුරූ වූ ජීවත්වන ප්‍රජා උදාහරණ බොහෝය. ඔවුන් විශ්ව සමූහ ඥානය හා එක්වූ අධ්‍යාත්මික ප්‍රජාවකි. මේ වෙබ් සයිට් එක ස්ථාපිත කරන්නේ පළමු වරට ඔහු , ඔහුගේ ඉතාලියේ රැකියාව කරන අතරම, මේ ජෝතිෂය සහ අදාළ සේවාවන් පිලිබඳව තවදුරටත් මිනිසුන් ව දැනුවත් කරමින්, එයින් ගත හැකි ප්‍රයෝජන ඔවුන් ට කියාදෙමින් , මිනිසුන් අතරට ගෙනයමින්, මේ භෞතික සහ ආධ්‍යාත්මික සංවර්ධනය වූ උසස් මනසක් ඇති ප්‍රජාව තවත් පුලුල් අරමුණින් ය.

si_LKSinhala