නාමක්ෂර, නාම ඝණ සහ අංක විද්‍යාව

නාමක්ෂර, නාම ඝණ සහ අංක විද්‍යාව

nama9
nama1
nama6

නමක් තැබීමේදී නමට යෙදෙන සුභ මුල් අකුරු නාමක්ෂර ලෙස හැදින්වේ.

නාම ඝණ යනු, නම ශබ්ද කිරීමේදී භාවිතා වන ජන්මියාගේ උපන් නැකැත් වේලාව, ආදියට ගැලපෙන ශබ්ද ස්වර, සහ ස්වර රටාවන් ය. නමක් ශබ්ද කිරීමේ දී ඒ හා ඇසෙන ශබ්ද සංඛ්‍යාතය මේ යටතේ විස්තර කරනු ලැබේ.

තවද , නමට, උපන් දිනයට අදාළව ඉංග්‍රීසි හෝඩියේ අකුරුවලට අදාළව යෙදෙන අංක අනුව, අංක විද්‍යාව මගින් කෙනෙකු ගේ ජීවන තොරතුරු සහ ශුභාශුභ අනාගත තොරතුරු කියැවීම යි.

අප කවුරුත් මෙලොව එලිය දකින ක්‍රියාවලිය සිදුවන්නේ මවක් සරු වූ අවධියේ නිකුත් වන නිරෝගී ඩිම්බයක් එවැනි ම නිරෝගී ශුක්‍රාණුවක් සමග එක්වූ විට එය සමග කර්මාණුකූලව සැසැඳුණු පාර භෞතික විඥ්ඥාන කයක් එය සමග සම්බන්ද වීමෙනි. සංසේචිත ඩිම්බයක් යුක්තානුවක් බවට පත් වී තවදුරටත් විකසනය වී මවගේ කුසයේ අලුත් ජීවියෙකු ලෙස වැඩෙන්නේ මේ ඉහත සදහන් වූ විඥ්ඥාන කයක් එහා සම්බන්ද වීමෙන් පසුය. මෙලෙස මවගේ කුසයේ වැඩෙන කළලය ඒ හා සම්බන්ධ වන විඥ්ඥාන කයේ කර්ම සැකැස්මට අදාළ ව සහ එය සම්බන්ද වන දෙමාපිය කර්ම සැකැස්ම ට අදාළ ව, කළලයේ DNA සහ ඉංද්‍රියන් සැකසී විකසනය වූ පසුව, මනුෂ්‍ය ජීවියකු ලෙස මාස නවයකින් උපත ලබයි . එසේ උපත ලබන මනුෂ්‍ය ජීවියාට දරුවා ගේ දෙමාපියන් විසින් සුදුසු නමක් තබනු ලැබේ.

මෙහිදී, ම' විසින් දරුවෙකුට නමක් තැබීමේදී දරුවාගේත් දෙමාපියන්ගේත් ඉරණම තේරුම් ගැනීමට දෙමපියන්ගේ හස්ත රේඛා සහ හදහන් සහ දරුවාගේ උපන් වේලාව අනුව කේන්ද්‍රය සාදා කියවා බලා ඒවා ට අනුව දරුවා ට ශුභ නාමාක්ෂර සහ ගැලපෙන ඝණ අනුව, මෙහිදී දරුවාට සහ දෙමාපියන්ට බලපාන නොගැලපෙන අහිතකර ග්‍රහ ශක්තීන් වළක්වා ලන ශුභ තේරුමක් සහ ආශිර්වාදාත්මක නමක් තැබීමට සුදුසූ උපදෙස් සහ යෝජනා ලබාදෙනු ලැබේ.

පැරණී ඍෂි මූල ධර්ම අනුව, දරුවකුට ඒ උපදෙස් පිළිපදිමින් නම් තැබීම කළයුත්තේ දෙමාපියන් විසින් ය. අනුන්ගේ දරුවෙකුට වෙනත් අය විසින් නම් තැබීම නක්ෂත්‍රමය වශයෙනුත්, ශක්තී මූලධර්ම අනුවත් ශුභ නොවේ.

බොහෝ විට මා දැක තිබෙන දෙයක් වන්නේ වර්තමානයේ දරුවන්ට තබන පරිගණක මුදුකාංග හරහා සහ පොත් පත්, පුවත්පත් වලින් ලබා ගත් නම් වල ඝණ එම දරුවාගේ උපන් ග්‍රහ බල සමග නොගැලපෙන බවය.

සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළොත් භාෂාව සහ ඝණ ගැලපීම් පිළිබදව හො‍‍‍දම උදාහරණය වන්නේ, බුදුරජාණන්වහන්සේ බුදු වීමෙන් පසුව තමන්වහන්සේ අවබෝධ කරගත් දහම දේශනා කළයුතු භාෂාව තෝරා ගත් ආකාරයයි. එහිදී එම භාෂාවේ වචන සහ වචන රටාවන් ඒවායින් ජනිත වන ශබ්ද ශක්තීන් වැදගත් කොට සළකනු ලැබීය. බුද්ධ දේශනා වල දී පිටවන ශබ්ද ශක්තීන් අහිතකර නොවන බව, සහ ඒ ශක්තිය චිත්ත ඒකාග්‍රතාවය ඇති කරවන , අනේක ලෝකධාතූන් වල දියුණු ජීවින්ට පවා අවබෝධ වන ලෙස භාෂාව තෝරා ගනු ලැබීය.

එම භාෂාව තෝරා ගත්තේ විශ්වයේ බුද්ධිමත් ජීවීන් සමග පවා සන්නිවේදනය කළ හැකි අර්ථ සම්පන්න, මුදු වචන සහිත, ග්‍රාම්‍ය පහත්, අසහ්‍ය වචන වලින් තොරවූ, මනා ශබ්ද රටාවන් සහිත, ඉහළ සංඛ්‍යාත ජනනය වන භාෂාවක් වූ "මාඝධී" හාෂාවයි. එනම් බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමට තෝරාගත්තේ කිසිම විදියකින් හෝ පහත් සංඛ්‍යාතවලින් තොරවූ , ඉහළ සංඛ්‍යාතවලින් කම්පනය වන අහිතකර ශක්තියක් කිසිම ලෙසකින් ඇතිනොවන භාෂාවක් ය. එය සියලු ලෝක ධාතූන් යහපත් ලෙස කම්පනය කරවමින් යහපත ම පතුරුවන ලෙස පිරිත් සහ ධර්මය දේශනා කළ අතර අදට පවා බුද්ධ භාෂිතය එතරම්ම බලසම්පන්න වන්නේ මේ සියලු වචන අක්ෂර, වචන රටාවන් ඒවායේ සංඛ්‍යාත, තේරුම්, ඝණ ආදී සියල්ලම යහපත්ව ගැලපෙන බැවිනි.

වර්තමානයේදී, හැම රටකම පාහේ සංස්කෘතීන් සහ භාෂාවන් සංකලනය වී ඇත. එමනිසා නම් සහ ඝණ බැලීම් වලදී විවිධාකාර ආභාෂයන් දක්නට ලැබේ. මේ නිසා ඇතැම් නම්, ඉතා ශක්තිමත් ඝණ සහිතය; සමහර නම් ඉතා දුර්වල ඝණ වලින් යුක්තයි. මට හමු වූ ඇතමුන්ට නොගැලපෙන අශුභ නාම සහ ඝණ ඇති අයයි. මේ නම් ඒ අයට ජීව්තයේ පසු කාලයේ වැඩිහිටි වියේදී අශුභ ප්‍රතිඵල සහ අභාග්‍යය උදා කර දී ඇති අයුරු මට පැහැදිලි වී ඇත. ඒ අයට එම වැරදි නාමක්ෂර, තේරුම් සහ ඝණ සහිත නම් පසු කාලීන ජීවිතයට සාපයක් වී ඇතිඅයුරු මාගේ පරීක්ෂණ වලින් සනාථ වී ඇත.

ඉතාමත් සුභ නැකතින් උපන් ඉතා භාග්‍යය සම්පන්නව උපත් කේන්ද්‍රයක් ඇති දරුවකුට පවා උප්පත්ති කේන්ද්‍රයට නොගැලපෙන වැරදි නාමක්ෂර, ඝණ තෙරුම් සහිත හෝ කිසිම තේරුමක් නැති "නම්" යෙදීමෙන්, ඒ දරුවාගේ භාග්‍යය සහ ශක්තිමත් ග්‍රහ තත්වයන් විනාශ කර, දුර්භාග්‍යය උදා කරදිය හැකිය. එය දරුවාගේ උපන් වාසනාව කෞශල්‍ය, මනා සෞඛ්‍ය ය ට පවා පසු කාලීන තර්ජනයක් වේ.

නමක් ශබ්ද වන විට ඇති වන සංඛ්‍යාතය:

යහපත් තේරුමක් ඇති, නියමාකාර ඝණ පිහිටපු නමක් නිතර භාවිතයේදී, ශබ්ද කිරීමේදී, එය ශක්තියක් බවට පත්වේ. අප භාවිතා කරන හැම වචනයකටම එයට අදාළ වන සංඛ්‍යාතයක් හට ගනී. ශුභ තේරුම් සහ ඝණ ඇති නමක් ශබ්ද කිරීමෙන් හටගන්නා සු'පසන් ස්වර සංඛ්‍යාත හැම විටම ඒ පුද්ගලයාට ආශිර්වාදයකි. එය එසේ නොවන අවස්ථාවලදී එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලංගා කරදෙනු ලැබේ.

එවැනි වැරදි ශබ්ද සංඛ්‍යාත ඝණ ඇති "නම්" කෙනෙකුගේ යහපත් කර්ම ශක්තීන් සක්‍රීය වීම මැඩපවත්වයි.

එයට හේතුව වන්නේ,; වැරදි නමකින් ඇතිවන අයහපත් ධ්වනි ශක්තීන් ඔහු හෝ ඇය වටා ඇතිවී, ආරෝපණය වී අහිතකර පහළ සංඛ්‍යාත වලින් යුතු ශක්ති වළල්ලක් නිර්මාණය කරන බැවිනි.

පහළ සංඛ්‍යාත වලින් ආකර්ශණය කරවන්නේ පහළ මට්ටමේ වෛරය ක්‍රෝධය, ද්වේෂය ,ලෝභය, මෝහය අරමුණුකරන් උපන් පහළ තලවල ජීවින්, එනම් අමනුෂ්‍යය කොට්ඨාශ බැවිනි.
ඉහළ සංඛ්‍යාත වලට ආකර්ෂණය වන්නේ උසස් දිව්‍යමය ජීවී කොට්ඨාශයන් ය. ඒ අනුව පහළ ධ්වනි ශක්තීන් ඇතිකරන නම් වලින් ඇති වන පුද්ගලයා වටා ඇති වායුගෝලීය කම්පන වලින් නරක සහ අයහපත් ශක්තීන් ආකර්ෂණ ය කරමින් එම පුද්ගලයාට සහ ඇතම් විට ඔහු ගේ හෝ ඇය ගේ පවුලට අයහපත් විනාශකාරි ප්‍රතිඵල ගෙනෙන බැව් පැහැදිලි වනු ඇත.

අංක විද්‍යාව

ජීව- අජීව සියලු දේ ඇතුළත් මුලු මහත් විශ්වයම ගණිතාණුකූල ව්‍යුහයකට ක්‍රියාත්මක වේ.

සත්වයාගේ විඥ්ඥාන කය ඇතුළත් ශක්ති ක්ෂත්‍රය තුළත් ක්‍රියාත්මක වන්නේ ගණිත ය ඇසුරුකරගත් සම්බන්ධයකි; ගණිතාණුකූල රටාවකි. හරියටම කිවහොත් මේ ලෝකය සක්‍රීය වන්නේ අපේ චිත්තය, විඥ්ඥාන කය, ඇසුරුකරගත් ශක්තී පද්ධතියක් හා ගැලපුන පරිගණක මුදුකාංග භාෂාවක් ක්‍රියාකරන ආකරය හා සමානවය. එලෙසින්ම, අප එහි රටාවන්, චිත්ත වේග තේරුම් ගැනීම් හරහා අපට සුලභතාවය, ජයග්‍රහණය, අනන්ත වූ සෞභාග්‍යය පවා අපට අදාළ වූ ශුභ අංක, අංක විද්‍යාවේ ස්වර්ණමය අනුපාතයන් සලකා යොදාගනිමින්, ලං කරගත හැකිය.

අංක විද්‍යාවේ ස්වර්ණමය අනුපාතය යනු මේ විශ්වයේ මෙලොව ස්වභාදහමේ ඇති සෑම ජීව අජීව වස්තුවක් හා බැදුන ගණිත රටා සහිත මාහට ඔබට දිය හැකි හොදම සහ ප්‍රසිද්ධම උදාහරණයි.

නිවැරදි විශ්වීය අංක අනුපාතයන් සංඛ්‍යාතයන්, ඩ්වනියන්, ගැලපෙන නිවැරදි ශක්තීන් පුද්ගලයා වටා ඇතිකරනු ලැබූ විට ඊටම ගැලපෙන නිවැරදි විශ්ව ශක්තිය ඔහු වටා යහපත් ශක්ති කලාපයක් ඇතිකරමින් ඔහුට හෝ ඇයටත් ඔවුන්ගේ පවුලටත් ඔවුන් වාසයකරන නිවසටත් ලන්ගා කරදී, මහා විශාල විශ්ව ශක්තියට ගැලපෙන සු'පසන් ශක්ති පද්ධතියක් ඇතිකර භෞතික සහ ආධ්‍යාත්මික දියුණුව ලන්ගා කර දෙනුඇත.

නම, නමේ ඝණ, එහි සංඛ්‍යාත ශක්ති රටාවන් මේ හැම එක'කම ඇත්තේ අංක නැතහොත් සංඛ්‍යා ය.

මා හමු වීමෙන් පසුව මගේ බොහෝ සේවා දායකයන් තමන්ගේ නම සහ ව්‍යාපාරික නාම වෙනස් කර සාර්ථක ප්‍රතිඵල ලංගා කරගෙන ඇත.

තවද ම'විසින් මිනිසුන් සහ ව්‍යාපාරික ස්ථාන නාමකරණය සහ නැවත නාකරණය කරමින් ඒ සදහා පාරභෞතික සහ ක්වොන්ටම් ප්‍රතිකාර ක්‍රම වලට අංක විද්‍යාව සහ සංඛ්‍යාතයන් සාර්ථකව යොදාගෙන ඇත

nama7
nama4
nama2
si_LKSinhala